Saturday, August 1, 2015

Patients Rights in Hospital


රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම

පිළිතුරු සැපයීම ශ්‍රී ලංකා ජාතික රෝහලේ ගරු අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

     
    
                ප්‍රශ්ය: 
              අද සමාජයෙහි බොහෝ අයට ඇති ගැටලුවක් වනුයේ තමාට රෝගයක් වැළදුන පසු යා යුත්තේ කුමණ වෛද්‍යවරයා වෙතද? යන්න නොදැන සිටීමයි.  ප්‍රතිකාර සොයා කලින් කලට වෛද්‍යවරුන් මාරු කරමින් බොහෝසේ කල් ගත කොට එම රෝගය උත්සන්න වූ පසු රෝහල් ගත වුවත් රෝගය ඉතා නරක අතට පෙරලීම හෙතුවෙන් බොහෝ අයට  තම ජිවිතයෙන් සමු ගැනිමට පවා සිදුවනවා.
            රෝගයක් හරිහැටි හදුනා නොගෙන කරනු ලබන වැරදි ප්‍රතිකාර වලට ගොදුරු වන අසරණ රෝගීන් හට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන්  ඔබ තුමාට කිව හැක්කේ කුමක්ද?

පිළිතුර:
ඔබ සදහන් කල ගැටලුවට මුලික හේතුව වන්නේ අප රටෙහි එක්සත් රාජධානියේහි මෙන් නිසියාකාර General Practitioner (GP Systems) ක්‍රියාත්මක නොවීමයි. ඕනෑම මුලික රෝගයක් හදුනා ගෙන පුළුල් පරාසයක් තුල ප්‍රතිකාර කරන මෙවැනි වෛද්‍ය නිලදාරීන් generalist ලෙස හදුන් වනු ලබන අතර ඔවුන් සැම ප්‍රදේශයකම සේවය කරමින් ඊට සමීපතම රජයේ  රෝහල සමග ද එකාබද්ද වී කටයුතු කරනවා.

උදාහරණයක් ලෙස කියනවා නම් එක්සත් රාජධානියේ රෝහල් සේවය සහ අනෙකුත් සෞඛ්‍ය සේවාවන් එහි රජයට ඒකාබද්දව එකම ජාලයක් ලෙස කටයුතු කිරීම හදුන්වන්න පුළුවන්. මෙම ක්‍රමයේ ඇති තවත් වාසියක් නම් එම වෛද්‍යවරයා එම ප්‍රදේශයේ ජිවත් වන අයගේ සෞඛ්‍ය ගැටළු පිළිබද හොද දැනුම් තේරුම් ඇති කෙනෙක් වීමයි.  

යම් රෝගියකුහට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විටකදී එම රෝගියා නිසි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමේ වගකීමත් ඔහු විසින් ඉටු කරනු ලබනවා. තව දුරටත් කියනවා නම් විශේෂඥ ප්‍රතිකාර වලින් පසු අවශ්‍ය කරන ඉතුරු ප්‍රතිකාර තුලින් රෝගියා සම්පුර්ණ සුවවන තුරු බලා ගැනීමත් එම වෛද්‍යවරයා විසින්ම ඉටු කරනු ලබනවා. 

අවාසනාවකට මෙන් අප රටෙහි එවැනි (GP Systems) ක්‍රම වේදයක් නැති නිසා රෝගීන් පාපන්දුවක් මෙන් තැනින් තැනට මාරු වෙමින් ගොස් ඔබ කියූ ආකාරයේ කරදරයට පත් වනවා. 

ප්‍රශ්ය:
රජයේ රෝහල් වල දුරකථන ක්‍රියා කරවන්නන්ගේ පහසුව සදහා අන්තර්ජාලය ඔස්සේ අවශ්‍ය විස්තර ඉතා කඩිනමින් සපයා ගත හැකි පරිදි, රජයේ සියලු රෝහල් සේවාවන් පිළිබද ඒකාබද්දව විස්තර ඇතුලත් කොට ඇති අන්තර්ජාල පහසුකම් තිබේද?
පිළිතුර: 
තවම නැත.

ප්‍රශ්ය:
නිදහස් සෞඛ්‍ය තිබුනත් බොහෝ පරීක්‍ෂණ පිටතින් සිදු කිරිමට සිදුවන බව සමහර රජයේ රෝහල් වලට විරුද්දව එල්ලවන සාමාන්‍ය චෝදනාවක්, මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර: 
ජාතික රෝහලේ නම් දහස් ගණනින් පරික්‍ෂණයන් සිදු කරනවා. එම නිසා පරීක්‍ෂණ සිදු කිරීමත් එහි ලබාගන්නා ප්‍රථිපල නිකුත් කිරීමත් යම් කිසි ක්‍රම වේදයකට අනුවයි සිදු කරනු ලබන්නේ. එහෙත් කලාතුරකින් සමහර රෝගීන් කවුරුන්ගේ හෝ වැරදි මග පෙන්වීම මත හෝ නොඉවසිලිමත් බව නිසා පෞද්ගලික තැන් කරා යොමු වනවා වන්නට ද පුළුවන්.

ප්‍රශ්ය:
රෝගීන්ගේ මානසික සුවය ඇති කිරීම සදහා නගරයක් බදු වූ මෙම විශාල ජාතික රෝහල අලංකාරව තබා ගැනීමටත් නඩත්තු කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවනවා නේද?  ඒ සදහා ඔබතුමා ගෙන ඇති පියවරයන් මොනවාද?

පිළිතුර:
මෙම රෝහලේ වාට්ටු හොදින් පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම විවිධ සමාගම් සම්බන්ධ කරගෙන සිදු කරනවා. එවැනි වැඩසටහන් බොහොමයක් අද මේ වන විට ක්‍රියාත්මක වනවා. රෝහල තුල කාබන්ඩයොක්සයිඩ් වායුව අඩු කිරීම සදහා රෝහල් භුමිය කොටස් අටකට වෙන් කර භූදර්ශන ව්‍යාපෘති landscaping Project සදහා ද බාරදී තිබෙනවා. මේවා කර ගැනීම සදහා මා හට අප රටෙහි පෞද්ලික ධන පරිත්‍යගින්ගේ සහ සමාගම් වල සහය ලැබෙනවා.

ප්‍රශ්ය:
කිසිදු භාරකරුවකු නොමැති, අසරණ දුප්පත් අය අප රටෙහි ජිවත් වනවා. ඔවුනට පිහිටට ඇත්තේ රජයේ රෝහල විතරයි. එහෙත් රජයේ රෝහලකට රෝගියකු ඇතුළු වන විට භාරකරුවකුට අත්සන් කිරිමට සිදුවනවා. එවැනි කාත් කවුරුත් නැති අසරණ රෝගීන් ඇතුල් වන්නේ කෙසේද?

පිළිතුර:
භාරකරුවකු නැති වුවත් රෝහලට ඇතුල් නොකර සිටින්නේ නැහැ. භාරකරුවකු සිටියොත් වඩාත් හොදයි. එසේ නැත්නම් භාරකරුවකු නැති අයකු ලෙසන්  ඇතුලත් කරගනු ලබනවා.

ප්‍රශ්ය:
රෝගීන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීම සහ ඒ අයගේ ප්‍රශ්න වලට උදව් උපකාර කරන මෙම රෝහලට සම්බන්ධ සමාජ සේවකයින් සිටිනවාද? 

පිළිතුර: 
මානසික රෝගීන් සිටින වාට්ටුවල (Mental / Psychiatric wards) වල ඒ අයගේ සේවය ලබා ගන්නවා.

ප්‍රශ්නය:
හෙදියන් වැනි අය කොපමණ හොද පුහුණුවකින් පසු සේවයට පැමිණ සිටියත් ඒ අයට සේවය කෙරෙහි වඩාත් අභිප්‍රේරණය කිරීම සදහා (Motivating Employees) වැඩසටහන් ක්‍රියාත්මක වනවාද?

පිළිතුර:
 සේවාස්ථ පුහුණු කිරීම් (In service Training) පුද්ගලයන් අතර සන්නිවේදනය (Interpersonal Communication) පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වනවා. 

ප්‍රශ්නය:
ඕනෑම රෝගයක් ඉක්මනින් සුව විමට රෝගියාගේ මානසිකත්වය මුලිකවම බලපාන බව ප්‍රකට කරුණක්. සමහර හෙදියන් කරුණාවන්තව ක්‍රියා කිරීමත් සමහර හෙදියන් ඉතා අකාරුනිකවත් තවත් සමහර හෙදියන් කිසිදු හැගීමකින් තොරව රෝගීන්හට සේවය කරන්නේ යැයි රෝගීන් අතර මතයක් පවතී මේ ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද?

පිළිතුර:
තමා කරන සේවයට අනුකුලව යහපත් ආකල්ප තුලින් පොහොසත් නොවූ අය ඒ ඒ රැකියාවන් සදහා සුදුස්සන් බවට පත් වීම මිට හේතුවයි. මිනිසුන් තුල ඇති ආකල්ප සහ වටිනාකම් වැඩි දියුණු වන්නේ නැත්නම් කොපමණ පුහුණුවීම් කලත් බන කිව්වත් පලක් නැහැ.

ප්‍රශ්නය:
නේවාසික රෝගියකු හට රෝහල තුලදී නිසි සැළකිල නොලැබෙන්නේ යැයි හෝ යම් අසාධාරනයක් වන්නේ යැයි එම රොගියාගේ ඥාතින්ට (relations) හැගුනත් ඒ පිළිබඳ ඔවුන් උපරිමයෙන් ඉවසන්නේ එසේ නොකළහොත් රෝගියාට අසාධාරණයක් සිදුවේ යැයි ඇති බිය නිසායි. එහෙත් එසේ ඉවසා සිටීම තුලින් ද  රෝගියා ගේ ජිවිතයට හානියක් සිදු වන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවකදී එම ඥාතින් (relation)  විසින් කල යුත්තේ කුමක්ද?

පිළිතුර:
වෛද්‍යවරයකුට හෝ සුදුස්සෙකුට ඒ පිළිබඳ වහාම දැනුම් දී පැමිණිලි කල යුතුයි. වෙන කරන්නට දෙයක් නැහැ.

ප්‍රශ්නය:
 රෝහල් ගත වීම සදහා රෝගීන් පැමිණෙන විට එම රෝගීන් ඉතා කරුණාවන්තව සුහද ශිලිව දිරි ගන්වමින් පිළිගැනිමට විශේෂ පුහුණුව ලත් අය එම අදාල ස්ථානයයෙහි කටයුතු කරනවද? 

පිළිතුර:
එවැනි විශේෂ සේවාවක් නැහැ. එත් එම කාර්‍යයේ නිරත වන හෙදියන් සහ අනෙකුත් නිලදරිගෙන් එවැනි ගුණාත්මක සේවයක් අපි හැම විටම අපේක්‍ෂා කරනවා.

ප්‍රශ්නය:
සමහර පුද්ගලයින් බෝවන රෝග සහිතව, තමා රෝග වාහකයකු බව තේරුම් නොගෙන රෝගීන් බැලීමට රෝහලට පැමිණන අවස්ථා ඇත. මේ හේතුව නිසා එම වාට්ටුවේ බොහෝ රෝගීන් හට සිදුවන්නේ අසාධාරණයක්. මේ සම්බන්ධව යම් නීති පනවා තිබේ ද?

පිළිතුර:
එවැනි නීති නැහැ. එය සමාජයෙහි සාරධර්ම පිළිබද ප්‍රශ්නයක්. උදාහරණයක් ලෙස කියනවා නම් තමාගේ දරුවාට බෝවන රෝගයක් වැලදී ඇත්නම් එම දරුවා පාසැල් යැවීම හරිද? තමාගේ දරුවාට රෝගය වැලදී අවසන් වුවත්, අනෙකුත් දරුවන්ට රෝගය බෝවීම වැළැක්වීම සදහා දරුවා ටික දිනක් පාසැල් නොයවා ගෙදර තබා ගැනීම නිවැරදි ක්‍රමයයි. එහෙත් මිනිසුන් මේ ගැන කෙතරම් දුරට සංවේදීද යන්න ගැටලුවක්. ඒ කෙසේ වෙතත් මේ දේවල් නීති වලින් පමණක් පාලනය කරන්නට බැහැ.

ඔබ තුමා ඉතාම කාර්‍ය බහුල වුවත් ඔබ තුමාගේ ඉතා වටිනා කාලය මෙම සකච්ඡාව සදහා ලබා දුන්නාට ස්තුතියි.  

.........

Author M.B.S. Niranjala Fernando and Dr Anil Jasinghe Director of Colombo National Hospital.
Author Dr M.B.S. Niranjala Fernando and Dr Anil Jasinghe Director of Colombo National Hospital.

යම් විෂය ධාරාවකින් ඉහල උපාධි කරා, දූ දරුවන් යොමු කරන වැඩිහිටියන් වඩාත් අවධාරණය කල යුත්තේ, දරුවන්ගේ අනාගතය සුභවාදී වීම සදහා එයම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. 

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුල පමනක් නොව, ඕනැම ක්‍ෂේත්‍රයක් තුල දක්‍ෂයින් සහ වැදගත් පුද්ගකයින් බිහි කිරිමට නම් යහපත් ආකල්ප සහ වටිනාකම් ඇති අවංක මනුෂ්‍යයින් සමාජයට බිහි කිරිමට ද අවශ්‍ය වේ.

එවැනි සමාජයක් තුල රෝගීන්ගේ අයිතිවාසිකම් පමණක් නොව සියලු සමාජයේ අයිතිවාසිකම් වඩාත් හොදින් රැකෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.


සටහන, බ්ලොග් නිර්මාණය සහ ඉදිරිපත් කිරීම ආචාර්ය එම්. බී. එස්. නිරංජලා ප්‍රනාන්දු